රනිල්ගේ සාකච්ඡාවට මෛත්‍රිත් එකතු වෙයි - සජබයෙන් කවුරුවත් නැහැ Featured

Published in පුවත්
Friday, 14 February 2025 09:01

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුලු පිරිසක් එක්ව සිට ඇත.

පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ජා පවත්වා තිබේ.

එම සාකච්ඡාව පිළිබඳ අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා,

"සාකච්ඡා සාර්ථකයි. සමගි ජන බලවේගයේ කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. ඉදිරියේදී සාකච්ඡාවට එයාලත් එකතු වෙයි. පළාත් පාලන මැතිවරණයට ඉදිරියේදී එකට එකතුවෙලා තරග කරනවද, වෙනවෙනම තරග කරනවද කියන එක අපිට ළඟදීම තීරණය කරන්න වෙයි.

මෙම අවස්ථාවට එක් වූ නිමල් ලන්සා මහතා,

"විශේෂ සාකච්ජාවක් නෑ. සුහද හමුවක් තිබ්බේ. හිටපු ජනාධිපතිතුමා එන්න කිව්වා අපි ආවා".

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us