පාසල් ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වන දරුවන්ට හොදින් ජල පානය ලබා දෙන්න - සෞඛ්‍ය අංශය

Published in පුවත්
Monday, 17 February 2025 09:08

පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් මේ දිනවල පාසල්වල පැවැත්වෙන නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වන දරුවන් පිරිසුදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

එමෙන්ම ක්‍රීඩා උත්සව පැවැත්වීමට පෙර ඒ සඳහා සුදුසු වටපිටාවක් තිබේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ අධ්‍යාපන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

"මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික හිරු රශ්මියක් පතින වන බවක් දක්නට තිබෙනවා. මෙම තත්ත්වය එළිමහනේ වැඩ කටයුතු කරන අයට දැඩි ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හිරු රශ්මිය තිබෙන අවස්ථාවල එළිමහනේ වැඩ කරනවා නම් හෝ වෙනත් කටයුත්තක නියැළෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙසයි. පසුගිය කාලයේ ඇතැම් ප්‍රදේශවලින් ද මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී තිබුණා. නැවතත් එවන් තත්ත්වයක් ඇති වන්නට පෙර තමයි අපි මේ පූර්ව දැනුවත් කිරීම අධ්‍යාපන බලධාරීන්ට සහ මහජනතාව වෙත නිකුත් කරන්නේ." යැයි ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us