කෝටි 5ක කුණු ඉස්සන් වෙළෙඳපොළට අලෙවි කිරීමේ උත්සහයක් Featured

Published in පුවත්
Tuesday, 25 February 2025 09:50

වරායෙන් නිදහස් කර නොගත් සත්ත්ව ආහාර ලෙස විකිණීමට තිබූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙන යන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමේ උත්සහයක් පවතින බවත් වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසති.

වරාය අධිකාරිය ලබන පෙබරවාරි 28 වැනිදා පැවැත්වීමට නියමිත වෙන්දේසියට මෙම ඉස්සෝ කන්ටේනර් දෙක ලැයිස්තු ගතකර නොමැති බව කියන ලංසුකරුවෝ ඇමරිකාවෙන් ආනයනය කළ මෙම කන්ටේනර් දෙකේ ඉස්සෝ කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අඩංගු බව ද සඳහන් කරති. මෙම ඉස්සන් අඩංගු කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කරගැනීමට ව්‍යාපාරිකයෙක් යැයි කියන පුද්ගලයෙක්ට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා රේගුවේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනකුගේ සහය ලැබී ඇති බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සත්ත්ව ආහාර ලෙස හෝ වෙන්දේසි නොකර විනාශ කරන මුවාවෙන් වරායෙන් රැගෙන යෑමෙන් රජයට අයවිය යුතු විශාල බදු මුදලක් අහිමි වන බවත් ඔවුහු පවසති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණයක් නොමැතිව මෙවැනි ආහාර වෙළෙඳපොළට නිකුත්වීම ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානියක් වියහැකි බව ද වරාය භාණ්ඩ ලංසුකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us