විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කරන්නේ නැහැ - ඛනිජ තෙල් සංගමය

Published in පුවත්
Monday, 03 March 2025 08:36

ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක අවධාරණය කර සිටියි.

රට තුළ ඉන්ධන හිඟයක් ඇති කරන බවට බෙදුම්කරුවන් කිසිදු අවස්ථාවක පවසා නොමැති බවත් බෙදුම්කරුවන් පැවසුවේ ඉන්ධන ඇණවුම් කිරීමෙන් වළකින බව ද ඔහු පැවසුවේය.

එක එක පාර්ශ්වයන් විවිධ කතා සිදුකළ ද බෙදුම්කරුවන් පත්ව ඇති අපහසුතාවය දන්නේ ඔවුන් පමණක්ම බව ද ඔහු පැවසුවේය.

තෙල් බෙදා හරින්නන් සඳහා ලබා දී ඇති සියයට තුනක කොමිස් මුදල ඉවත් කර නව සූත්‍රයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය නිසා බෙදුම්කරුවන් පත්වන අපහසුතාවය සම්බන්ධයෙන් ඔවුන්ට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු තැන මෙම ක්‍රියාමාර්ගය හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවූ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සඳහා මැදිහත් වන්නැයි ජනාධිපති ඇතුළු සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියට ද ඉන්ධන ඇණවුම් කිරීමෙන් වළකින බව ඔහු තව දුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us