තැපැල තව දුරටත් වර්ජනයේ

Published in පුවත්
Monday, 18 August 2025 07:36

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළේය.

මේ හේතුවෙන් අද දිනයේ දි සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් රැසක් ලබා දී තිබිය දී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බවය.

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස අදහස් පළ කළේය.

"ඔබ වරුවක්, පැය දෙකක්, දිනයක් සේවයට වාර්තා නොකර සිටීම තුළ, තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය පහළ බහිනවා. ඒකෙන් භාණ්ඩාගාරයට වැඩිපුර වැය බරක් පැටවෙනවා. අනාගතයේ දී ඔබට ලබාදීමට නියමිත වැටුප් වැඩිකිරීම් හෝ අතිකාලවලට තමා ආය ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා මේක අසාධාරණ වැඩවර්ජනයක් ලෙස මම හඳුන්වන්න කැමතියි. තැපැල් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන සේවක පිරිස බඳවා ගනිමින් ඉන්න වෙලාවක, අවශ්‍ය කරන වාහන ලබාදෙමින් ඉන්න වෙලාවක, ඩිජිටල්කරණය සිදුකරමින් ඉන්න වෙලාවක, අවශ්‍ය කරන වැටුප් වැඩිකිරීම් ලබාදෙමින් ඉන්න වෙලාවක, කඩාකප්පල්කාරී ලෙස වැඩවර්ජනයකට යන්න එපා කියන ඉල්ලීම මම සියලු සේවකයින්ගෙන් මම කරනවා. මේ තත්ත්වය තේරුම් ගෙන සේවයට වාර්තා කර තමන්ගේ සේවය උපරිමයෙන් ලබාදීලා තමන්ගේ දෙපාර්තමේන්තුව ලාභ ලබන තැනක් බවට පත්කරන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලනවා."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us