ඉන්දියාව ගණන් උස්සයි

Published in පුවත්
Thursday, 03 July 2014 14:41

ලූනු වගාවට අවශ්‍ය දේශගුණික තත්ත්වය අයහපත් වීමෙන් ඉන්දියාව තුළ ලූනු නිෂ්පාදනය අඩුවීම නිසා ලොකු ලූනු අපනයනය කිරීමට පනවා තිබෙන අවම මිල සීමාව වැඩිකිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් මෙරට වෙළඳ පොළේ ලොකු ලූනු මිල ගණන් ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි.

අපනයනය කරන ලොකු ලූනු ටොන් එකක අවම මිල ඩොලර් 300 ක සිට ඩොලර් 500 ක් දක්වා වැඩි කිරීමට ඉන්දියාව වහාම තීරණය කර තිබෙන්නේ එරට වෙළඳ පොළේ ලූනු මිල ගණන් ඉහළ යාම අඩු කිරීම සඳහායි.

මේ දිනවල පිටකොටුව තොග වෙළඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 75 සිට 78 ක පමණ මිලක් වන බවත් ඉන්දියාව විසින් ලූනු අපනයනය කිරීමේ අවම මිල ගණන් වැඩිකිරීම නිසා ඉදිරියේදී ලොකු ළූණු කිලෝවක් රුපියල් 85 ක් වැනි මිලක් දක්වා ඉහළ නගිනු ඇති බවත් නාදන් මහතා පැවසීය.

"ලංකාවට සතියකට ඉන්දියාවෙන් ලොකු ලූනු බහාලුම් 80 ක් පමණ ගෙන්වනවා. මෙම එක බහාලුමක කිලෝ 25,000 ක් පමණ තිබෙනවා."

"ඉන්දියාව මිල වැඩි කිරීම නිසා පාකිස්තානයෙන් ලොකු ලූනු ගෙන්වන්න බැලුවත් එහි නිෂ්පාදනය මදියි අපනයන ඉල්ලුම සපුරා ලන්න. මේ තත්ත්වය තුළ සතියකට පාකිස්තානයෙන් ලොකු ලූනු බහාලුම් 10 ක් විතර ගෙන්වන්න අපි බලාපොරොත්තු වෙනවා."

නාදන් මහතා සඳහන් කළේ ඉන්දියාව විසින් ලූනුවල මිල වැඩිකිරීම නිසා විකල්පයක් ලෙස චීනයෙන්ද ලොකු ලූනු ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන නමුත් ඒ සඳහා වැඩි කාලයක් ගතවනු ඇති බවයි.

ලංකාවේ අවශ්‍යතාවයන් සඳහා මෙරට නිපදවන රතු ලූනු තොග ප්‍රමාණවත් බවත් ඉදිරියේදී යාපනයේ හා පුත්තලමේ නිෂ්පාදනය කළ රතු ලූනු තොග දේශීය වෙළඳ පොළට ලැබෙනු ඇති බවත් නාදන් මහතා වැඩිදුරටත් කීය.

මූලාශ්‍රය infolanka

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us