කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
ටිල්වින් සිල්වා වැඩිදුරටත් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධ පරීක්ෂණයකින් පසුව බවයි.
ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඔහු පැවසීය.
මෙය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කලබල විය යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.
නීතියේ ස්වභාවය එසේ බවත්, ඕනෑම වැරදිකරුවෙකු සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලා ඇප ලබාදීම හෝ බන්ධනාගාරගත කිරීම සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
අධිකරණ තීන්දුවකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම රටේ අධිකරණයට අපහාස කිරීමක් බැවින්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.