රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව දහවල් 1 ට - zoom තාක්ෂණයෙන් රනිල් පෙනී ඉන්න ලකුණු Featured

Published in පුවත්
Tuesday, 26 August 2025 12:30

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (26) දහවල් 1.00ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඉදිරියේදීයි.

මේවන විටත් දේශපාලඥයින් ඇතුළු විවිධ පිරිස් මෙම ස්ථානයට පැමිණෙමින් සිටින අතර ස්ථාන කිහිපයකම පොලිස් ආරක්ෂාව තරකර ඇතැයි වාර්තා වෙනවා.

කැරලි මර්දන ඒකකය, පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ රැසක්ම කොම්පඤ්ඤවීදිය අවට ස්ථාන කිහිපයකම ස්ථානගතකර ඇති බවයි සඳහන් ‍වන්නේ.

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් 22 වැනිදාය.

හිටපු ජනපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

හිටපු ජනපතිවරයාව සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කරගනු ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

-හිරු වෙබ් අඩවිය

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us