හිටපු ජනාධිපතිවරයාට ඉක්මනින් හෘද සැත්කමක් කිරීමට අවශ්‍යයි - වෛද්‍ය බෙල්ලන

Published in පුවත්
Wednesday, 27 August 2025 10:00

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම සැත්කම ජාතික රෝහල තුළ සිදුකිරීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටිය යුතු අතර නොඑසේනම් පෞද්ගලික රෝහලකට යොමු වී එය සිදුකර ගැනීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බවය.

"ඔහුට සංකූලතා ටිකක් තියෙනවා හෘද වස්තුවේ. ඒ්කට ඔහුව ඉක්මනින්ම ශල්‍යකර්මයකට යොමුකරනවා නම් හොඳයි. ඒ ශල්‍යකර්මයට ඔහුට ඇප ලැබුණ නිසා ඔහුට හැකියාව තියෙනවා ඔහු කැමති රෝහලකට යන්න. ජාතික රෝහලේ පොරොත්තු ලේඛනය සමහර වෙලාවට අවුරුදු 3ක් විතර. ඒ් නිසා ඔහුට පුද්ගලිකව වියදමක් දරා ඔහු කැමති රෝහලකින් ඉක්මනින් සිදුකළ ගත හැකියි. දැනට ඔහුට කිරීටක ධමනියවල අවහිරතාවයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. විජලන තත්ත්වයකුත් තියෙනවා. එය ක්‍රමානුකූලව එම තත්ත්වය පහව යනවා. ඒ තත්ත්වය තුළ අපිට සොයා ගන්න පුළුවන් වුණා හෘදවස්තුව දුර්වලයි කියලා.එයට ශල්‍යකර්මයක් සිදුකිරීම තුළින් යථාතත්ත්වයට පත්කර ගන්න වෙයි."

මේ අතර, ඇපමත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළ ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට නියමිත බවය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැදරවීම සඳහා එක් වූ සියලුදෙනාට ස්තූතිය පල කරන බවඳ එහි වැඩිදුරටත් සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us