රනිල්ගේ සෞඛ්‍ය තත්වය පිරිහුණේ ආණ්ඩුව පිඩා කළ නිසා - වජිර Featured

Published in පුවත්
Wednesday, 27 August 2025 13:13

අද (27) දින කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පළ කර අදහස්.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා

පසුගිය සතිය ශ්‍රී ලංකාවට ඓතිහාසික කළු පැල්ලමක් එල්ල වූ කාල පරිච්ඡේදයක් හැටියටයි අප හඳුනාගෙන තිබෙන්නේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමැතියි ඊයේ දිනයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරලා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ පණිවුඩයක් නිකුත් කරලා තිබුනා. ඒ පණිවුඩයේ මෙසේ කියනවා.

“ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව විසින් එහි කලක් එහි උපසභාපති වරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල පලකොට තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය සීඝ්‍ර පිරිහීමක් දක්නට ලැබිනි. එබැවින් නිසි අධීක්ෂණයක් යටතේ ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව බන්ධනාගර රැඳවුමෙන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා“.

ඒ වගේම මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව සමාජ මාධ්‍යවල නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශයට පත් කරනවා. මං හිතන්නෙ එතුමාගේ ජීවිතය එතුමා කළමනාකාරීත්වය කරගෙන තිබෙන්නේම යම්කිසි රටාවකට. එතකොට ඒ රටාව සමහර ව්‍යායාම තුළින් වෙන්න පුලුවන්, නියමිත වෙලාවට ආහාර ගන්නවා වෙන්න පුලුවන්. දවල් 12.30 ට මල් පාරේ වැඩ කරනවා වෙන්න පුලුවන්, පැය 2 ක් ආපසු විවේක ගන්නවා වෙන්න පුලුවන්. නැවත ආපසු 03 ට පටන් අරන් රෑ 10 ට වැඩ අවසන් කරනවා වෙන්න පුලුවන්. මෙන්න මේ ආකාරයට තමයි එතුමා එදිනෙදා වැඩකටයුතු වල නිරත වුණේ. මේ අවස්ථාවේදී එතුමාගේ ඒ රටාවට බරපතල පීඩනයක් දීලා එතුමාගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට ලක් කළා.

ඒ වගේම තවත් සුවිශේෂී කරුණක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අරගෙන ගියෙත් එතුමාගේ පරම්පරාවට, එහෙමත් නැතිනම් එතුමාගේ මිත්තණියට අයිතිව තිබුණු අක්කර 43 ක වැලිකඩ බන්ධනාගාර භූමියට.

ඉතින් මේ ස්ථානයට අයිතිකරුවන් වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුලු ඒ පවුලේ සාමාජිකයන්. එතකොට ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්. වැලිකඩ බන්ධනාගාරය පිහිටි පත්තිරු සටහන් මගේ ලඟ තිබෙනවා, එයින් පිටපතක් මාධ්‍යයට ලබා දෙන්නම්. එතකොට මාධ්‍යයටත් ශ්‍රී ලාංකික මහජනතාවටත් දැනගන්න පුලුවන් එවැනි පරපුරක සාමාජිකයෙකුට සිදුවූ මහා ඛේදජනක හැසිරීමක් හැටියටයි මා මේ අවස්තාව දකින්නේ.

අවසන් වශයෙන් එකක් කියන්න කැමතියි, ඇත්තටම ශ්‍රී ලාංකික සමස්ත දේශපාලන පක්ෂ, සියලු බලවේග, සමස්ත නීතීඥ ප්‍රජාව, සියලුම වෛද්‍ය කණ්ඩායම් එතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අවසානයේ එතුමාට ඇප තැබීම සඳහා වෛද්‍යවරුන් නිවාඩු දාලා උසාවි භූමියෙන් වතුර එකක් හෝ නොබී රැඳී සිටියා, අපියි එතුමාට ඇප වලට අත්සන් කරන්නෙ කියලා. වෛද්‍යවරුන්මයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් ඇප අත්සන් කළේ. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවුන සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපේ පක්ෂයේ ගෞරවයත්, ස්තූතියත් මේ අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පුද කර සිටිනවා.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය :
දැන් එතුමා අසනීප වෙන්නෙ බන්ධනාගාරයේ ඉඳලා, එතකොට උසාවියේ දි එතුමාට මේ වගේ අසනීප තත්වයක් තිබ්බෙ නැද්ද, ඔබතුමා චෝදනා කරන්නෙ මේ බන්ධනාගාරගත කිරීමත් සමග එතුමාගේ මේ අසනීප තත්වයක් ඇති වුනා කියලද ?

පිළිතුර :
මං හිතන්නෙ මෙහෙමයි ඒ සිදුවීම වෙන්නෙ. එතුමාට උදේ 9.30 ට පමණ එන්න කියලා, පැය 4 ක් 5 ක් ප්‍රකාශ ලබා ගත්තා. එතුමා ආහාර ගන්නා රටාවක් තිබෙනවා. එතුමාගේ බෙහෙත් ලබා ගත යුතුයි වෙලාවට. ඒ අවස්ථාවේදී මේ සියල්ල වෙනස් වුණා.
ඉන්පසු අධිකරණ භුමියට ගෙනාවම තවත් පැය 5 ක් 6 ක් විත්ති කූඩුවේ රඳවා තබමින්, ඒ වගේම විදුලිය නොමැතිව නැවත රාත්‍රී 10.30 පමණ වනතුරු සමස්ථය පැය 12 කට ආසන්න කාලයක් තබා ගත්තා. ඉතින් එවැනි පීඩනයක් දුන්නම අදාල රෝග නිර්මාණය වීම ස්වභාවිකයි.

ප්‍රශ්නය :
අද රනිල් වික්‍රමසිංහ මහතා හට ඇති වී තිබෙන තත්වය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් බලපායිද?

පිළිතුර

ජනාධිපතිවරයා නිල බලයෙන් කරනු ලබන කාර්යන් වන්නේ ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාව අනුව ඔහු විසින් කරනු ලබන කාර්යක් වේ.

33 (ඌ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක් හෝ විධි විධානවලට පටහැනි නොවන්නා වූ ද, ජාත්‍යන්තර නීතිය, චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ඔහුට නියමිතව හෝ බලය ලැබී ඇත්තා වූ ද සියලු ක්‍රියා හා දේ කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

එහෙනම් වර්තමාන ජනාධිපති අනුර කුමාර මැතිතුමාටත් මම මේ කියන වගන්තියේ බලය තිබෙනවා. අනුර කුමාර ජනාධිපතිතුමා දිල්ලියටද යන්නේ, වොෂින්ටනයටද යන්නේ, ලෝකයේ වෙනත් කොහෙට හරිද යන්නේ කියලා තීරණය කරන්නේ ඒ අදාළ රට නෙමෙයි, ඒක තීරණය කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමායි. ඒ නිසා කිසි සේත්ම ඔබ ඇසු ප්‍රශ්නය අනුව වර්තමාන ජනාධිපතිතුමාට එය බලපාන්නෙත් නැත.

 මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා

අද අපි විශේෂයෙන්ම මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙරට පැමිණි සියලුදෙනාටම ස්තූති කරන්නයි. එහිදී පෙරට ආ සියලුදේශපාලන පක්ෂවල නායකයින් ඒ වගේම ඒවායේ මහලේකම්වරුන් ඇතුලු සමස්ථ නියෝජිතයින්ට අපි එක්සත් ජාතික පක්ෂය ලෙස ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර ගත කළ පසු බන්ධනාගාරයේදී එතුමාට සහය වූ ඒ සියලු නිලධාරීන්ටත්, බන්ධනාගාරයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු එහිදී එතුමාට සහය වූ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩයටත් අපි අපේ ස්තුතිය පළ කරනවා.
ඒ වගේම අනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ මණ්ඩලයටත් එතුමා වෙනුවෙන් පෙරට ආ එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයින්ටත් වෙනත් දේශපාලන පක්ශවල නියෝජිතයින්ටත් අපි අපේ කෘතව්දීත්වය එතුමා වෙනුවෙන් පළ කර සිටිනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම්, හිටපු අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරල මහත්මිය

අපේ උප නායකතුමා සඳහන් කළ ආකාරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙරට ආව සියලුදෙනාට මම එක්සත් ජාතික පක්ෂයේ මහලේක්ම්වරිය හැටියට ස්තූතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාගෙන් ලැබුණු සහයෝගය අපිට විශාල හයියක් වුණා.

ශ්‍රී ලංකාවේ නඩු කටයුත්තකදී මේ තරම් විශාල නීතීඥ පිරිසක් සහභාගී වුණේ මම දන්න හැටියට මේ නඩු කටයුත්තටයි. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ අපිට එය විශාල හයියක් වුණා. මෙතැන පක්ෂ භේදයක් තිබුණේ නැහැ. සියලුදෙනාම ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන්.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා බන්ධනාගාර ගත වූ අවස්ථාවේ සිටම අපේ පාක්ෂිකයින් දිවයින පුරා පිහිටි පන්සල්, පල්ලි, කෝවිල් තුළ තමන්ට ආවේණික ආගමික කටයුතුවල නියැලෙමින් එතුමාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ සියලු දේටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා අපේ ස්තූතිය පළ කරන්න.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us