විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද සවස

Published in පුවත්
Thursday, 28 August 2025 11:24

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස 5.00ට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්ගේ නාරාහේන්පිට පිහිටි නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බවත් විපක්ෂය පුළුල් කොට ආණ්ඩුවට එරෙහිව එක්වීම පිළිබඳව මේ අවස්ථාවේදී යම් දළ සැලැස්මක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බවත් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම ඇතුළු දේශපාලන කාරණා පිළිබඳවත් ඉන් පසුව ඇති වී ඇති නව දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් ආණ්ඩුව මර්ධනකාරීව ගමන් කරමින් තිබෙන බවත් ඊට එරෙහිව පෙළ ගැසෙන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් අද දින සාකච්ඡා කරන බවත් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂ ඊයේ පැවැත්වූ සාකච්ඡා මඟහැරීම පිළිබඳව විමසීමකදී පොහොට්ටුවට විශේෂ අනන්‍යතාවක් සහ වැඩපිළිවෙලක් තිබෙන බවත්, පක්ෂයේ කටයුතු කරන්නේ එම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කාරණයේදී ඒකාබද්ධව කටයුතු කළ බවත් අවශ්‍යතාව අනුව ඉදිරියේදී කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කොළඹ කේන්ද්‍ර කරගත් සාකච්ඡාවෙන් එහා ගිය ජනමතයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

මැතිවරණයක් අපේක්ෂාවෙන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙලෙස පැහැදිලි කළා.
"ආණ්ඩුවට ලැබුණු ජනවරමට අගෞරවයක් කිරීමට අපිට බැහැ. ජනතාව තීන්දුවක් ගත්තේ 'මේ අයටත් දීලා බලමු' කියන එක වෙනුවෙන්. ඒ නිසා දීලා බලපු ගමන්ම නැවත බලය ගන්නවට වඩා, 'දීලා බැලුවට පස්සේ මොකද හිතෙන්නේ' කියලා මහජනයාගෙන්ම අහන්න තව යම් දුරක් ඉදිරියට යා යුතුයි. එසේ නැතිනම් මෙය එක්තරා ආකාරයක දේශපාලන බලහත්කාරකමක් විය හැකියි. යම් තැනකදී මහජනතාවම කියාවි 'දැන් අපි ඡන්දයකට යමු' කියලා. නමුත් ඒක 2029 දක්වා උපරිමයට යයි කියලා අපිට හිතන්න බැහැ."

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us