පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට කමිටුවක් ! මන්ත්‍රී නිල නිවාසවල අඩුපාඩුත් නිරාකරණයට පියවර Featured

Published in පුවත්
Monday, 01 September 2025 12:12

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.

කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි.

ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කළද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවය. ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කථානායකවරයාට ලබා දුන් බව ද ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ආහාරපාන පාර්ලිමේන්තුව විසින් සැපයීම සිදුකරන පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ගරු කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා විය.

මීට අමතරව මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ නිල නිවාසවල පවතින සේවා සැපයීම්, නඩත්තු කටයුතු ඇතුළු කරුණු පිළිබඳව ද මෙම කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ සම්බන්ධයෙන් පවතින අඩුපාඩු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙස ද කථානායකවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us