බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කළේ, අදාළ පුද්ගලයන් දෙදෙනා විසින් සිදු කරන ලද විධිමත් ඉල්ලීම්වලට අනුව මෙම අවසරය ලබා දුන් බවයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දීමෙන් රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍ය අලාභයක් සිදු කළ බවට වූ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට සැප්තැම්බර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එමෙන්ම, නිමල් ලන්සා, 2006 පළාත් පාලන මැතිවරණ සමයේදී හිටපු මීගමුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දීමක් සම්බන්ධයෙන් වූ චෝදනා මත සැප්තැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.