2028 දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වෙනවා - සජිත් Featured

Published in පුවත්
Monday, 01 September 2025 14:01

ශ්‍රී ලංකාව මේ ආකාරයෙන්ම ගමන් කළහොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්වෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ (31) අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමින්.

අද අපේ රටේ ඇත්තේ ඛෙදනීය සහ කණගාටුදායක තත්ත්වයක් බවත් රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දි ජනතාව මංමුලා කර රවටා මුසාව ජයග්‍රහණය කර රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං කර ඇති බවත් පිළිකා රෝහලේ පහසුකම් පවා මෙන්ම ඖෂධ හිගයට විසදුම් පවා ලබා දීමට නොහැකි වී ඇති බවත් දහස් ගණනින් වෛද්‍යවරු රට අතහැර යද්දි බුද්ධිගලනයට විසදුම් නොමැති බවත් ඊට අමතරව රටේ සංවර්ධන ගමන වේගවත් කරන්නට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවබෝධයක් නොමැති අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන රජයක් රට පාලනය කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා සිටියා.

බඩුමිල වැඩි වි ආදායම් අඩු වී කර්මාන්තශාලා වැසී රට අතහැර යන තත්ත්වයක් මත රටේ දල දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 40ක් පමණකගේ ජීවනෝපාය වී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ දේපල පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල වෙන්දේසි කරන බවත් සහලින් ස්වයංපෝෂිත වූ රටක අද වන විට වීවලට සාධාරණ මිලක් පවා නොමැතිව සහල් ආනයනය කරන තැනට රට වැටී ඇති බවත් එයට හේතුව පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යැයි කියා ජාවාරම් ක්‍රියාත්මක කරන බවයි විපක්ෂනායකවරයා මෙහිදී පවසා සිටියේ.

අද වී ගොවියාගේ සිට සෑම කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාව අනාථ වී ඇති බවත් ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි මේ අදක්ෂ ආණ්ඩුව අද ගොවියා අසරණ කර ඇති බවත් මේ අය කියපු දේවල් දුන් පොරොන්දු සහ බලාපොරොත්තු ක්‍රියාත්මක කළ යුතු බවත් මොවුන් 159ක බහුතරය, ජනාධිපතිකම සහ පළාත් පාලන ආයතන බහුතරයක් තියා ගෙන රට වෙනුවෙන් කිසිත් නොකරණ බවත් මේ යන විදිහට ගියොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වෙන බවත් විපක්ෂනායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

2028 සිට වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවන්න නම් 2025 සිට 5%ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කළ යුතු බවත් සංඛ්‍යාලේඛන අනුව නම් මේ වන විට එම ඉලක්කයට යා නොහැකි බවත් නැවත වරක් බංකොලොත් වෙන්න එපා කියා තමා ප්‍රාර්ථනා කරන බවත් මිනිසුන්ගේ පීඩනය අසහනය උපයෝගී කර ගෙන දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට තමා සූදානම් නැති බවත් අයි.එම්.එෆ් ගිවිසුම තුළ සාකච්ඡා කර ගිවිසුම සංශෝධනය කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියත් රජය එය නොකළ බවත් රටේ ජනතාව මේවා දැනගත යුතු බවයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us