අයිස් කන්ටේනර් දෙක ගැන ආණ්ඩුව මොනවා හරි හංඟනවා ද? ඇත්ත හෙළි කරන්නැයි සජිත් කියයි. Featured

Published in පුවත්
Monday, 08 September 2025 15:13

අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත්, මේ කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

මෙහි බරපතල ගැටලුව වන්නේ මේ කන්ටේනර් 02 වරායෙන් එළියට ආවේ කෙසේද යන්න බවත් ජාත්‍යන්තර බුද්ධි අංශ හරහා නිරතුරුවම අප රටේ කුඩු සහ කුඩු ව්‍යාප්තිය ගැන තොරතුරු ලබා දෙන බවත් මේ කන්ටේනර් 02 ගැනත් ජාත්‍යන්තර බුද්ධි අංශ අප රටට තොරතුරු දැනුම් දුන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බව සජිත් ප්‍රේමදාස පවසනවා.

එම තොරතුරු ලැබුණු දිනයත් එම තොරතුරු සම්බන්ධයෙන් පරික්ෂණ කළ අය මෙන්ම එම පරීක්ෂණ පැවැත්වූ කාලවකවානුවත් මෙම පරික්ෂණවලින් පසුවත් මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක නිදහස් වුවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග විපක්ෂ නායක කාර්යාලෙය් පැවැති සාකච්ඡාවකදී.

මෙම කන්ටේනර් නිදහස් කළා නම්නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වූ පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් එය රජයේ වගකීම බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ජාත්‍යන්තර බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුවත් කළාට පසු එම කන්ටේනර් හදුනා ගෙන පරීක්ෂා කළාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෙම කන්ටේනර් නිදහස් කිරීමට පදනම් වූ කරුණු මෙන්ම පසුගිය දා පරීක්ෂා නොකර එළියට දැමූ කන්ටේනර් 323ට මෙය අයත්කියා දැන ගැනීමට අවශ්‍ය බවද ඔහු පවසනවා.

එමෙන්ම මෙම කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් නිදහස් විම ගැන සියලු තොරතුරු රටට හෙළිදරව් කළ යුතු බවත් මේ කුඩු කන්ටේනර් නිදහස් වීම තුළ ප්‍රශ්න සහගත කරුණු ගැන සත්‍ය හෙළිදරව් කළ යුතු බවයි ඔහු පවසන්නේ.

 

 

- hirunews

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us