ඔවුන් මෙම චෝදනාව ඉදිරිපත් කළේ මහනුවරට ගොස් මල්වතු ,අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදීයි
(ICCPR )පනත හරහා විපක්ෂයේ දේශපාලන නායකයකු වන උදය ගමිමන්පිල අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව මෙම විපක්ෂයේ නියෝජිත පිරිස මල්වතු නාහිමියන් හමුවේ පැවසුවා.
ඊට අමතරව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් මල්වතු පාර්ශවයේ මහා නායක අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ බැහැ දැක මෙම පිරිස කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මේ සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් රැසක්ම සහභාගි වී තිබෙනවා. විමල් වීරවංශ , ටිරාන් අලස් ,අනුර ප්‍රියදර්ශන යාපා , නිමල් පියතිස්ස ,ජානක වක්කුඹුර ප්‍රේමනාත් සී දොළවත්ත , අසංග නවරත්න , සුජීව සේනසිංහ හා සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.