නේපාලයක් නොවී රට බේරුනේ රනිල් නිසා - වජිර Featured

Published in පුවත්
Saturday, 13 September 2025 19:40

නේපාලයක් වන්නට ගිය අපේ රට එම තත්ත්වයෙන් මුදාගෙන නිවැරදි මාර්ගයේ ගෙනයාම ගැන මුළු මහත් ජාතියම Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

එසේම ජනතාවගේ සිත් තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම වපුරලා ශ්‍රී ලංකාවට කිසිඳු යහපතක් උදාකරන්න නොහැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ අද (13) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ කොට්ඨාශ රැස්වීම් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂයට 79 වසරක් පිරීම පසුගිය 6 වෙනිදා සිදුවුණා. කොහොම නමුත් අපේ පක්ෂයේ නායක Viii වැනි විධායක ජනාධිපතිතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බලලා අපි එය කෙටි දවසකට කල් දැමුවා. ඒ අනුව දැන් අපි එම සංවත්සර සැමරුම මෙම මස 20 වන සෙනසුරාදා උදෑසන 9.00 ට මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම අවස්ථාවට අපි ශ්‍රී ලංකාවේ තිබෙන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා. ජාතික ව්‍යාපාරයක් හැටියට මෙවර එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සරය සමරන්න තමයි අපේ පක්ෂයේ නායකතුමා උපදෙස් දී තිබෙන්නේ.

ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය සංවිධාන කටයුතු පිළිබඳ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම තමයි අපි මේ පවත්වන විශේෂ කොට්ඨාශ රැස්වීම් තුළින් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ.

වගේම මේ වෙලාවේදී මම අපේ රටේ සහ ලෝකයේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් කෙටි දැනුම්දීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේ අපිට අහන්න ලැබුණා නේපාලයේ ඇති වුණු ඛේදනීය තත්ත්වය පිළිබඳව. ඉතින් මීට අවුරුදු තුනකට පෙර අපේ රටෙත් මේ වගේම තත්ත්වයක් ඇතිවුණා. ඉතින් ඒ අවස්ථාවේදී තත්ත්වය උග්‍ර අතට හැරෙනකොට අපේ රටේ අගමැතිධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාගේ නිවස පවා ගිනිබත් කළාට පස්සේ එතුමා බයේ පැනලා දිව්වේ නෑ. එතුමා අනෙක් අයගේ නිවාස ගිනිබත් කිරීම නැවැත්වීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත්තා.

නමුත් නේපාලයේ අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේදී පලා යෑම නිසා සියලුදෙනා අනතුරට ලක්වුණා කියන එකයි මගේ හැඟීම. එ නිසා විශේෂයෙන්ම ජාතික නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි. කලබල ඇතිවීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක්. ඒවා පාලනය කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් බව මතක තබාගත යුතුයි.

4ea2b675 f967 473a ae2f b8c0799844a4

මෙම අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් ඇසු ප්‍රශ්න සහ ඒවාට අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය -

වගේම සභාපතිතුමා අපි දැක්කා මේ සතියේ මුලදී පාර්ලිමේන්තුවේ නව පනතක් සම්මත කිරීම නිසා හිටපු ජනාධිපතිවරුන්ට ලැබුණු වරප්‍රසාද කප්පාදු වෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් සිය නිවස බාරදීලා තංගල්ලේ කාල්ටන් නිවසට යනවා. ඒ ගැන ඔබ දරන්නේ මොනවගේ අදහසක්ද?

පිළිතුර -

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ඇමරිකාවේ සහ ප්‍රංශයේ තිබුණු ආණ්ඩුක්‍රමවල මූලධර්ම සම්බන්ධ කරගෙන. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමරිකානු ජනාධිපතිවරයෙක් ඔහුගේ කාලසීමාව අවසන් වුණාට පස්සේ මම දන්න විදිහට නම් හිටපු ජනාධිපති කියන නම භාවිතා කරන්නේ නැහැ. ඔහු මියයන තුරු එම ධුරය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සහ නොගෙන යාම පමණයි සිදුවන්නේ.

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙක් තම සේවා කාලය අවසන් වුණාට පස්සේ ඔහුගේ ජීවිතය රට වෙනුවෙන් තීන්දු ගත්ත ජීවිතයක් බවට ආරක්ෂා කිරීම සිදුකළ යුතුව තිබෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්තොත් යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් පුද්ගලයෙක් හැටියට එතුමාට ලෝකයේ ඇතැම් රටවලට තනියම ගිහින් නැවත ශ්‍රී ලංකාවට එන්න පුලුවන්කමක් නැහැ. ඒ ඇයි කියනවනම් අතේ තිබෙන ආයුධයකින් පහරදීලා හෝ එතුමාගේ ජීවිතයට හානියක් කරන්න ඇතැම් රටවල පුද්ගලයින් පසුබට වෙන්නේ නැහැ.

වගේම අපි අමතක නොකළ යුතු කාරණය තමයි නිදහසින් පස්සේ අපේ බහුතරයක් රාජ්‍ය නායකයින් පක්ෂ වේවා, විපක්ෂ වේවා අකල් මරණයන්ට ගොදුරු වෙලා තිබෙනවා. ඒ වගේම අකල් මරණයක් නොවේනම් අකල් මරණයක් කිරීමේ ගොදුරකට හසුවෙලා අනු නවයෙන් දිවි බේරගෙන තිබෙනවා.

ඒ නිසා මේ වගේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම මතු කරලා මහජනයාගේ සිත්වල මහා විශාල වෛරයක් ඇති කරලා ශ්‍රී ලංකාවට යහපතක් උදාකරන්න පුලුවන් වෙයි කියලා මමනම් හිතන්නේ නැහැ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල, උදාහරණයක් හැටියට ගත්තොත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වාදෙමින් ඔවුන්ගේ රජ පෙළපත ද ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ රටවල් ඉදිරියට ගමන්කර තිබෙනවා.

ප්‍රශ්නය -

වගේම සභාපතිතුමා පහුගිය දිනවල අපි දැක්කා මාධ්‍ය හරහා අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගෙනාවා යැයි කියන රසායනික් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම විවිධ මත්ද්‍රව්‍යයත් විශාල වශයෙන් අත්අඩංගුවට ගන්නවා, ඒ විතරක් නෙමෙයි පාතාල ක්‍රියාකාරීන්ගේ ක්‍රියාවලත් අඩුවක් පෙන්න නැහැ. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර -

මේ ආණ්ඩුව බලයට ආවේ මේ දේවල් පෝය දෙකකින් අවසන් කරනවා කියලා. ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි, මුලු මහත් ලෝකයේම මෙවැනි දේවල් මර්ධනය කළ යුතුව තිබෙනවා. අපරාධ සදහටම නැතිකරන්න බැහැ. අපරාධ කියන්නේ මනුශ්‍ය සමාජයේ තවත් පැතිකඩයන්. පුලුවන් වෙන්නේ මේ දේවල් පාලනය කරන්න විතරයි. මට පේන්නේ මේ දේවල් මර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුව අසමත් කියලා.

එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත 79 වෙනි සංවත්සර සමරුම පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිලෙ ගැන දැනුවත් කිරීමට මෙම කොට්ඨාශ රැස්වීම් සංවිධානය කර තිබූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසනවල සංවිධායකවරුන්, පක්ෂ ක්‍රියාකාරීන් හා පාක්ශිකයින් මේ සඳහා සහභාගී වී සිටියහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us