ත්‍රීපෝෂ බෙදා හැරීම ඉතා අකාර්යක්ෂමයි - ජාතික විගණන කාර්යාලය

Published in පුවත්
Monday, 15 September 2025 07:39

ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.

එය මුළු අවශ්‍යතාවයෙන් සියයට 55.51කි.

අනුරාධපුර,මහනුවර,නුවරඑළිය,බේරුවල සහ කළුතර යන ප්‍රා දේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල හා ආයතනවල අවශ්‍යතාවයෙන් බෙදාහරිනු ලැබු ත්‍රි පෝෂ බෑග් ප්‍රමාණය සියයට 50ට වඩා අඩු ප්‍රතිශතයක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ශ්‍රිලංකාවේ මන්දපෝෂණය තුරන්කර නිරෝගි ජාතියක් ගොඩනැගිමේ අරමුණින් පෝෂණ අවශ්‍යතා ඇති සියලු ගැබිණි සහ කිරිදෙන මව්වරුන් ඇතුළු අපේක්ෂිත ප්‍රතිලාභින්ට ත්‍රි පෝෂ නිෂ්පාදනය කොට නොමිලේ බෙදාහැරිම ත්‍රි පෝෂ සමාගමේ ප්‍රධාන කාර්යභාර්ය වේ.

ත්‍රිපෝෂ බේදාහැරිමේ කාර්යය ඉතා අකාර්යක්ෂම ලෙස පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ. සෞඛ්‍ය අමාත්‍යංශය හා ත්‍රිපෝෂ සමාගම එක්ව ත්‍රිපෝෂ බෙදාහැරිමේ විධිමත් යාන්ත්‍රණයක් සකස්කොට ක්‍රියාත්මක කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us