රාජ්‍ය සේවකයින්ට ඩිජිටල් අත්සනක්

Published in පුවත්
Tuesday, 16 September 2025 11:53

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිධාරීන් රැසක් එක සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us