විදුලි සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි

Published in පුවත්
Thursday, 18 September 2025 07:30

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි සේවකයින් ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීව ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය විදුලි සේවකයින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම්වලට රජයෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

අසනීප නිවාඩු වාර්තා කළ විදුලිබල මණ්ඩල සේවකයින් පිරිසක් ඊයේ දහවල් ලංකා විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා.

මේ අතර, මේ වසරේ සිදු කිරීමට නියමිත 03 වන විදුලි ගාස්තු සංශෝධනය වන සියයට 6.8ක ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද සිට ආරම්භ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව, නැගෙනහිර පළාතෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවයි එම කොමිසම සඳහන් කළේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මහජන අදහස් විමසීම සිදුකරන අතර එය සියලු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා ලබන මස 7 වැනිදා දක්වා භාරගැනීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම කියා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us