වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක්

Published in පුවත්
Friday, 19 September 2025 09:32

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු අවශ්‍යතාවෙන් බහුතරයක දායකත්වය පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බවත් ලුණු නිෂ්පාදකයෝ පවසති.

මේ වන විට මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක ලුණු අස්වැන්නක් පවතින බව ලුණු වගාකරුවෝ පවසති. පසුගිය වසර ගණනාවක නොකඩවා ඇදහැලුණු මහ වැසි සමඟ පුත්තලමේ ලුණු නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැවතී ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවී කර්මාන්තය අඩාළවී තිබු බව ලුණු නිෂ්පාදකයන් විසින් පවසන ලදි. ඒ හේතුව නිසාම රටේ ලුණු අවශ්‍යතාවට වුවමනා ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුණේ ලුණු හිඟයට පිළියම් ලෙසිනි.

මෙරට සමස්ත ලුණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වේ. එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. පුත්තලම හැරුණු විට අලිමංකඩ සහ හම්බන්තොට ලුණු නිෂ්පාදනය ද ඉහළ මට්ටමක පවතී

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us