හත්කෝටියක ලොතරැයි තාග්‍ය මුදල තවම අරගෙන නැහැ - ජාතික විගණන කාර්යාලය

Published in පුවත්
Tuesday, 23 September 2025 07:23

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල රුපියල් හත්කෝටි හැටපන් ලක්ෂයකට අධික විශේෂ ත්‍යාග මුදල් පසුගිය වසරේ දී ත්‍යාගලාභීන් ලබා ගෙන නොමැති බව අනාවරණය වී තිබේ.

ලොතරැයි පත් වර්ග පහකට අදාළ ත්‍යාග මෙලෙස ලබා ගෙන නොමැති බව හෙළි වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකිනි .

එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර නොමැති බව පවසන එම පරීක්ෂණ වාර්තාව ලොතරැයි මණ්ඩල පනත අනුව මාස හයක කාලයකින් පසු ලබා නොගන්නා එම ත්‍යාග රාජසන්තක කර ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු බවත් පෙන්වා දෙයි.

එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර නොකිරීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් රීති විශේෂ ගැසට් නිවේදනයකින් පසුගිය එම වසරේ ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් කර තිබෙන බව මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය කළ විමසුමට ප්‍රතිචාර ලෙස මණ්ඩලය දන්වා ඇත.

කෙසේ වුව ද පනතේ විධිවිධාන අනුව සියලු දිනුම් ඇදීම්වලින් පසු මාස හයක් ඇතුළත ඉදිරිපත් නොවන ත්‍යාගලාභීන්ගේ ත්‍යාග මුදල් රාජසන්තක කර ඒකාබද්ධ අරමුදලට ලබා දිය යුතු බවට විගණන කාර්යාලය නිර්දේශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us