දයාසිරි, බයිනෑන්ස් ගිණුම ගැන ඇසු ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තු මැතිසබය උණුසුම් වෙයි

Published in පුවත්
Wednesday, 24 September 2025 12:44

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ලබා ගෙන තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000 සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850 ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව මෙම පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(24) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් විමසුවා.

පාර්ලිමේන්තුවේ කථානායකවරයාට මෙම වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේ මේ හේතුව නිසා පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බවයි.

එම නිසා කඩිනමින් මේ ගැන අවධානය යොමු කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියා.

1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව සකස්කොට 2018 මාර්තු 07 වන දින සම්මත කරනලද පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ vi වන කොටසේ 14-22දක්වා වන මන්ත්‍රිවරුන්ගේ මූල්‍ය බැදීම ලේඛනය උපුටාදක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය අසනු ලැබුවා.

ඒ අනුව එහි වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතුකරන බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

උක්ත චර්යාධර්ම අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් මේ වන විට ඵහි වෙබ් අඩවියේ පළකර තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

ඒ අනුව වෙළඳ හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සතුව තිබෙන ක්‍රිප්ටෝ මුදල් 3000ක් තිබෙන බව සඳහන් කර තිබෙන බවත් ජගත් වික්‍රමරත්න කථානායකවරයා සතුව බයිනෑන්ස් ගිණුමේ USDT 1850ක් පවතින බව සඳහන්කර තිබෙන බවද දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව මෙවැනි කාරණා මහබැංකු අධිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය යටතේ වරදක් බව සඳහන් කර තිබෙන බවත් මෙම මුදල් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මගින් හෝ උන්ඩියල් ක්‍රමයට ලබාගත්තේද යන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මෙම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරනවිට මුලාසනයේ සිටියේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා විසින් මෙම වරප්‍රසාද ප්‍රශ්නය යොමුකරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් අතර යම් උණුසුම් කතාබහක්ද ඇතිවුණා.

-hiru news

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us