ඔක්තෝබර් මස 01 වැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිති කරගෙන 1926 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය පිළිබඳ දැනුම්වත් කිරීමේ ස්ටිකරයක් ඇලවීමේ ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භක උලෙළ පසුගියදා (26) පෙ.ව. 6.30ට කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ විය.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් පහක් වන ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය යන පාසල්වල ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථවල ප්‍රවාහනයේ සුදුසුභාවය පරීක්ෂා කිරීම ද ඊට සමගාමීව සිදු විය.
එහිදී පරීක්ෂාවට ලක් කළ රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් අතරින් නුසුදුසු යැයි පෙනී ගිය පාසල් වෑන් රථ 150කට වැඩි ප්‍රමාණයක් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ ගාල් කර ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒවා පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී හඳුනාගත් ප්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ පාසල් වෑන් රථවලට දින 15ක කාලයක් අලුත්වැඩියා කටයුතු සඳහා දුන් අතර, ඒවා නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ පොලීසියට වාර්තා කර ප්‍රවාහන අවකාශය ගන්නැයි දැනුම් දුන් බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මේ වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, විශ්‍රාමික මහාධිකරණ විණිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මීන් ඇතුළු නිලධාරීහු ද, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුයුක්තවන ක්‍රියා කරන විශ්වවිද්‍යාල තානාපතිවරුන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංගම නිලධාරීන් ඇතුළු පොලීසිය සහභාගි වූහ.