මානසික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් දාසය දහසක් !

Published in පුවත්
Friday, 03 October 2025 12:48

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට මෙම වසරේ ගතවූ කාලයේදි මානසික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා දුරකථන ඇමතුම් දාසයදහස් දෙසිය අනූඅටක් (16,298) ලැබී ඇතැයි එම ආයතනය සඳහන් කරයි.

ඒ අනුව ගෘහස්ථ හිංසන, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු, ලිංගික සංක්‍රාන්ති සම්බන්ධ ගැටලු සහ අධ්‍යාපනය සම්බන්ධ ගැටලුවලට අදාළව එම දුරකථන ඇමතුම් ලැබී තිබේ.

ඉන් දුරකථන ඇමතුම් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව දෙදහස් පන්සිය හැටනවය (2,569)කි.

මෙලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුවන බලපෑම් හේතුවෙන් ඇතිවන මානසික ගැටලුවලට මානසික සෞඛ්‍ය විද්‍යායතනය හා hithawathiya.com ආයතනය එක්ව එම ගැටලුවලට විසඳුම් ලබා දී තිබේ.

තවද වයස අවුරුදු විස්සට වැඩි පුද්ගලයන් මෙවැනි ගැටලුවලට වැඩි වශයෙන් මුහුණ දී ඇති බවද අනාවරණය වෙයි.

මේ අතර වයස අවුරුදු විස්සට වඩා අඩු තරුණ පිරිස් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ 0755551926 දුරකථන අංකය සමග සම්බන්ධවී වට්ස්ඇප් මාර්ගයෙන් සිය ගැටලු පිළිබඳ සාකච්ජා කිරීමේ ප්‍රවණතාවක් ද පවතී.

කිසියම් පුද්ගලයකුට මානසික ගැටලු ඇත්නම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය හැකි අතර නැත්නම් එම අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමටද හැකියාව ඇතැයි එම විද්‍යායතන වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us