වෛද්‍යවරුන් අපැහැදිලි අත්අකුරෙන් බෙහෙත් තුණ්ඩු ලිවීම රෝගී ජීවිත අවදානමේ හෙළීමක් බව පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ වෛද්‍යවරුන්ගේ මේ නොසැලකිල්ල නිසා දැඩි අපහසුතාවට පත්වන්නේ ඖෂධවේදීන් බවය.
‘‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015දී නිකුත් කළ නිර්දේශවල සඳහන් වෙනවා වෛද්‍යවරයා බෙහෙත් තුණ්ඩුව ලිවිය යුත්තේ ඖෂධීය නාමයෙන් කියලා. නමුත් බොහෝ වෛද්‍යවරුන් තවමත් ලියන්නේ බෙහෙත අයිති ආයතනයේ නමින්. මුලින්ම එය වෙනස් විය යුතුයි. දැන් දැන් ඖෂධ වර්ග රැසක් තිබෙනවා. ඒක නිසා වෛද්‍යවරුන් ලියන අපැහැදිලි අත්අකුරු නිසා බෙහෙත් වර්ගය තෝරා ගැනීම අපහසුයි. මේ ගැන වෛද්‍යවරුන් අවධානය යොමු කළ යුතුයි’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.