එහෙම වුණොත්, රට භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් - වජිර  

Published in පුවත්
Monday, 13 October 2025 13:07

මහජනතාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීති රීති වර්තමාන ආණ්ඩුව උල්ලංඝනය කරමින් තිබෙන බවත් එම නීතීරීතී උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩු විනාශය විය හැකි බවත් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවා යනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (12) බලපිටිය පැවැති එක්සත් ජාතික පක්ෂ කොට්ඨාශ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා කළ ප්‍රකාශය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අපි පසුගිය මාසය පුරාවට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙන්ම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳ පක්ෂයේ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කරමින් යනවා. ඒ අනුව අද අපි ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශ රැස්වීම් පවත්වනවා.

ඒ වගේම අපි එක දෙයක් මතක තබාගත යුතුව තිබෙනවා. ඒ තමයි අපේ රටේ සුවහසක් මහජනතාවගේ ප්‍රාර්ථනය තමයි මේ රටේ මින් ඉදිරියට බොරු කියන දේශපාලනය අවසන් කිරීම. එහෙම නැතිනම් සම්පූර්ණයෙන්ම දේශපාලනය වංචනික ලෙස සිදුකරන ක්‍රියාවලිය අවසන් වනවා දැකීම.

ඒ නිසා ඒ මහජනතාවගේ අදහස වෙන්නේ සියලු දෙනා එකතුවෙලා රටේ සුබ සිද්ධිය සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම. මේ ගැන අවබෝධයක් තිබුණු නිසාම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 ජූලි මාසයේ 20 වැනිදා ජනාධිපති ධුරය බාරගත්තායින් පසු පාර්ලිමේන්තුව අමතලා කිව්වේ කරුණාකරලා ජාතික ප්‍රතිපත්ති රාමුවකට සියලුදෙනාට එකතු වෙන්න කියලා.

ඉතින් මේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් පිට පැනලා තමන්ට ඡන්ද සහ බලය ලබාගැනීමේ අරමුණින් තවදුරටත් මහජනතාවට බොරු කියන එක නැවැත්තුවේ නැතිනම්, මේ බොරු කියන දේශපාලනඥයින්ට අනාගතයේදී ජනතාවට මුහුණදෙන්න බැරි වේවී. ඒ නිසා මේ දේවල් ඉතාමත් කල්පනාවෙන් හැසිරවිය යුතුයි. තමන්ට තණ්හාව තිබුණා කියලා ජනාධිපති වෙන්න, අගමැති වෙන්න, එහෙමත් නැතිනම් ඇමති කෙනෙක් වෙන්න, ඒ සඳහා මහජනතාව බිල්ලට තියන එක අපි අනුමත කරන්නේ නැහැ. එය ඉතාමත් වැරදි ක්‍රියාවක්. කළ නොහැකි දේවල් කියන්න හොඳ නැහැ.

එහෙම නම් කළ හැකි දේවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නීති 92 ක් ගෙනල්ලා සම්මත කර තිබෙනවා. එතැනින් පිට රටේ මුකුත් කරන්න බැහැ.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් වජිර අබේවර්ධන මහතාගෙන් ඇසු ප්‍රශ්න සහ ඒ මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.

ප්‍රශ්නය -
සමගි ජන බලවේගයේ නායකතුමා පසුගියදා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට වන නිවේදනයක් කරා ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන්නේ කුමන අදහසක්?

පිළිතුර -
ඒ ගැන මම පසුගිය සිකුරාදා සවස මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය අනුව අපි බලනවා මේ සතියේ පැවැත්වෙන අපේ කළමණාකරන කමිටුවේදීත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න. අපි ඒ තීරණය ඉතාමත් සුභවාදීව දකිනවා.

ප්‍රශ්නය -
ඒ වගේම මේ දිනවල සමාජ මාධ්‍යවල සහ දේශපාලන වැඩසටහන්වලත් පළවෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත පාර්ලිමේන්තු එනවා කියලා. මේ කාරණා සත්‍යයද?

පිළිතුර -
මම නම් හිතන්නේ ඒ රනිල් භීතිකාව කියලා. දැන්ම ඒවාට කලබල වෙන්න අවශ්‍ය නැහැ.

ප්‍රශ්නය -
ඔබතුමාට මතකද 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්න අවුරුද්දකට පමණ පෙර ප්‍රකාශයක් කළා එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙනවා කියලා. ඒ වගේ දෙයක් ඔබ මේ පාර ප්‍රකාශ කරන්නේ නැද්ද?

පිළිතුර -
මම හිතන්නේ මෙතැන තිබෙන්නේ එක දෙයයි ඉගෙන ගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කළාට වැඩිය මොනවම හරි වෙනසක් මේ ආණ්ඩුවට කරන්න පුලුවන් උනාද? මම දන්න විදිහට නම් බැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපති ධුරය දරන සමයේ එතුමා නව නීතී අණපනත් ගෙනැත් තිබෙනවා මහජනාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන්. වර්තමාන ආණ්ඩුව ඒ නීතී රීතී උල්ලංඝනය කරමින් තිබෙනවා. එසේ නීතීරීතී උල්ලංඝනය කළහොත් ඒ ආණ්ඩුව විනාශ වන බවයි අපේ දැනීම නම්. එසේනම් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා කියලා කියන්න කැමතියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us