කොට්ටාව පොලිස් නිලධාරීන් 6කට වැඩ වරදී - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුන තීන්දුව මෙන්න

Published in පුවත්
Tuesday, 14 October 2025 10:22

පුද්ගලික බස්රථ හිමිකරුවෙකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කර තිබේ.

ඒ අනුව, සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බව අධිකරණය අදාළ පොලිස් නිලධාරින්ට නියෝග කර ඇත.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකගතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.

මෙහිදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණේ කොට්ටාව පොලීසියේ එවක ස්ථානාධිපති එල්.පී.බී.සමරසිංහ, පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි.

කොට්ටාව සහ කොළඹ මාර්ගයේ ධාවනය වන බස් රථ දෙකක හිමිකරුවෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us