නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කළේ චිත්‍රපටය “එදිනෙදා පවුල් ජීවිතයේ හැඟීම්, ශක්තිය සහ සංවේදීතාව අතර සමතුලිතතාවය” නිරූපණය කිරීමට අදහස් කළ බවයි. නමුත් “එය අප අදහස් නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති” බවත් පැවසීය.
පාරිභෝගිකයන්ට ඇති වූ අපහසුතා හෝ කනස්සල්ල ගැන කණගාටු වන බවත්, ශ්‍රී ලාංකික පවුල් එක්සත් කරන වටිනාකම්වලට ගරු කිරීම නිසා චිත්‍රපටය සියලුම වේදිකාවලින් ඉවත් කළ බවත් සමාගම නිවේදනය කළේය.
පවුල් වටිනාකම් මුවාවෙන් LGBTQI පණිවිඩ ප්‍රවර්ධනය කිරීම ගැන චෝදනා එල්ල වූ අතර, එමඟින් මාර්ගගත විවේචන රැල්ලක් ඇති විය. .