ප‍්‍රාදේශීය දේශපාලඥයන් කෝරකූල්ලම් තෙත් බිමකෑලිකර බෙදයි

Published in පුවත්
Monday, 22 September 2014 10:48

ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් සංචාරක පක්ෂීන්ගේ ප්‍රධානම නවාතැන්පොළක් සහ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මන්නාරම කෝරකූල්ලම් තෙත් බිම තුළ පිහිටි කඩොලාන ගලවා දමමින්, ජනතාවට ඉඩම ලබාදෙමින් සිටින බව තෙත් බිම උරුමය සුරැකීම සංවිධානය පවසයි.

මෙහිදී කෝකූල්ලම් තෙත් බිම මෙරට සහ විදේශීය පක්ෂීන් නිරීක්ෂණය කරන පරිසරවේදීන්ගේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙසටත් සැලකේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට අයත් තෙත්බිම් සංචාරක පක්ෂීන්ගේ නවතැන් වී තිබෙන අතර, මේ සියලුම ස්ථානවල කඩොලාන ශාක ගලවා දමා ඉඩම් ජනතාවට බෙදාදෙමින් පවතී.

තෙත් භූමියක හෝ පාරිසරික වටිනාකමක් ඇති භූමියක යම් කටයුත්තක් සිදුකරන විට ඒ පිළිබඳව පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කළ යුතු වුවත්, ඒ කිසිදු කටයුත්තක් සිදුනොකර තෙත්බිම් වල කඩොලාන විනාශ කර දමා ඉඩම ජනතාවට ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.

Last modified on Monday, 22 September 2014 11:20

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us