වැසි කාලගුණයත් සමඟ රට පුරා මදුරු ඝනත්වය ඉහළට

Published in පුවත්
Monday, 20 October 2025 19:20

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය වැඩි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම පෙන්වා දෙයි.

අද (20) වන විට මේ වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 40,538 ක් බවත්, එයින් සියයට 44.3 ක් බස්නාහිර පළාතෙන්ද, සියයට 13.9 ක් සබරගමු පළාතෙන්ද වාර්තා වන බවට සඳහන් වේ.

වැසි සමයේ මදුරු ඝනත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වුවද පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට නොලැබුණ බවත්, එහෙත් කාලගුණ තත්ත්වය මත ඉදිරියේදී රෝගීන් වැඩිවීමේ අවදානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.

වෛද්‍යවරිය සඳහන් කළ දත්ත අනුව, මෙම වසරේ අවදානම්ම දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කය.

ඩෙංගු අවදානමෙන් මිදීම සඳහා, වැස්සත් සමඟ ජලය රැඳෙන්නට හැකි සියලුම ස්ථාන කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටී.

එසේම වැසි සමයේදී උණ සමඟ ඇඟපත වේදනාව, මාංශපේශී වේදනාව, වමනය හෝ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පවතී නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවන ලෙස ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම ඉල්ලා සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us