අමාත්‍යංශ කිහිපයක සිදුවූ වෙනස මෙන්න

Published in පුවත්
Tuesday, 21 October 2025 08:21

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදුවූ සංශෝධනයත් සමග මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බව සඳහන්ය.

එම සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා තිබේ.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට ද, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ද පත්කර ඇති බව වාර්තා වේ.

පරිසර අමාත්‍යංශය යටතේ පැවති භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතටත්, කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ පැවති කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටත් පත්කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කිරීමට කටයුතු කර ඇති අතර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ හඳුන්වාදුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්ය.

පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයෙ දී හඳුන්වාදුන් අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us