මෙම තත්ත්වය හේතුවෙන් තැපැල් සේවකයන් මෙන්ම නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ ද දැඩි ලෙස අපහසුතාවයට පත්වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලවකවානුවේ දී මෙම තැපැල්හල විකුණා දමන බව කියමින් තැපැල් සේවකයෝ වෘත්තීය සටන් කළහ. එම සටන් දිගින් දිගටම සිදු කෙරිණි. නව රජය පත්වීමත් සමගම එම යෝජනාව නැවත හරවා ගැනීමට නව රජය කටයුතු කළේය.
එය එසේ වූ නමුත් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රධාන නිලධාරිනියක ජාතික ජනබලවේගයේ අපේක්ෂිකාවක හැටියට නුවරඑළිය මහ නගර සභාවට තරග වැදි නමුත් මේ වන විටත් නුවරඑළිය තැපැල් කාර්යාලයේ ගොඩනැඟිල්ලේ ඇති අඩුපාඩු සැකසීමට වත්මන් රජය කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණක් බව තැපැල් සේවකයෝ කියති.
අඩුපාඩු සකසා දීමට රජය කටයුතු නොකිරීමෙන් ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල අගාධයට යමින් පවතින බව නුවරඑළිය රැක
ගැනීම වෙනුවෙන් වූ සංවිධාන චෝදනා කරයි. මෙලෙස කරන්නේ මෙම තැපැල් කාර්යාලය පෞද්ගලික ආයතනයකට පැවරීමේ උත්සාහයකට දැයි සැක සිතෙන බව ද ඔවුහු කියති.
නාලක රත්නායක – නුවරඑළිය
-දිවයින පුවත්පත

