දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ සුහුරු ප්‍රවේ­ශ­පත් නිකු­තුව අකා­ර්ය­ක්ෂ­මයි

Published in පුවත්
Tuesday, 28 October 2025 10:24

ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ස්ථාප­නය කළ සුහුරු ප්‍රවේ­ශ­පත් නිකුත් කිරීම සහ ආසන වෙන්කි­රීමේ පද්ධ­තිය මඟින් ආසන වෙන් කිරීමේ ප්‍රග­තිය සමස්ත ටික­ට්පත් අලෙ­වි­යෙන් සිය­යට 1ටත් වඩා අඩු මට්ට­මක පව­තින බව ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක දැක්වෙයි.

ටික­ට්පත් මිල දී ගැනීම සහ වලංගු කිරීම පහත වැටී­මට හේතුව මෙම වෙබ් අඩ­විය සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තාව අතර ප්‍රමා­ණ­වත් දැනු­ව­ත්භා­ව­යක් නොමැ­ති­කම සහ ටික­ට්පත් වලංගු කිරී­මට සපයා ඇති උපාංග භාවිත කිරී­මට ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ අදාළ නිල­ධා­රීන් දක්වන අකැ­මැත්ත බව ද එහි දැක්වේ.

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ අනු­ග්‍ර­හ­යෙන් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 19.3ක විය­ද­මක් දරා අදි­යර තුනක් යටතේ ඒකා­බද්ධ ව්‍යාපා­ර­යක් ලෙස මෙම සුහුරු ප්‍රවේ­ශ­පත් නිකුත් කිරීමේ හා ආසන් වෙන් කිරීමේ කාර්යය ඇතුළු දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්ය­යන් 16ක් මේ ව්‍යාපෘ­තිය මඟින් ආරම්භ කර ඇත.

ඒ සඳහා එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 1.6ක් අත්ති­කා­රම් ලෙස ගෙවා ඇති බවත් විග­ණ­න­යට නිරී­ක්ෂ­ණය වී තිබේ.

තවද, මෙම පද්ධ­තියේ උප­දේ­ශන සේවා සඳහා තවත් පාර්ශ්ව­ය­කට රුපි­යල් මිලි­යන 6.6ක් ගෙවා ඇති අතර සුහුරු ප්‍රවේ­ශ­ප­ත්වල වලං­ගු­භා­වය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන උප­ක­රණ 900ක් මිලදී ගැනීම සඳහා රුපි­යල් මිලි­යන 151.7ක් ගෙවා දුම්රිය ස්ථාන 344කට බෙදා දී ඇත.

2024 අගෝස්තු මාසය වන විට ගිවි­සු­ම්ගත වූ කාර්ය­යන් 16න් සුහුරු ප්‍රවේ­ශ­පත් නිකුත් කිරීමේ වෙබ් අඩ­විය ස්ථාප­නය කිරීමේ කාර්යය පම­ණක් අව­සන් කර ඇත. එයින් නිකුත් කරන ලද සුහුරු ප්‍රවේ­ශ­පත් අලෙ­විය මුළු ප්‍රවේ­ශ­පත් අලෙ­වි­යෙන් සිය­යට 1කටත් වඩා අඩු මට්ට­මක පැවැති ඇති අතර සුහුරු ප්‍රවේ­ශ­පත්‍ර වලං­ගු­ක­රණ උපාංග භාවි­ත­යෙන් ප්‍රවේ­ශ­පත්‍ර වලං­ගු­භා­වය පරීක්ෂා කර ඇත්තේ අලෙවි කරන ලද සමස්ත සුහුරු ප්‍රවේ­ශ­ප­ත්‍ර­ව­ලින් සිය­යට 0.6කටත් වඩා අඩු ප්‍රමා­ණ­යක පම­ණක් බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ගිවි­සු­මට අනුව 2024 මැයි වන විට ව්‍යාපෘ­තිය යටතේ ඇති අනෙ­කුත් කාර්ය­යන් 15ක්ද අව­සන් කිරී­මට නිය­මි­තව තිබුණ ද එම කාර්ය­යන්හි භෞතික ප්‍රග­තිය සිය­යට 0 සිට 20 දක්වා මට්ට­මක පැවැති බව ද එම වාර්තාවේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සමඟ මෘදු­කාංග අව­ශ්‍යතා පිරි­වි­තර සකස් කිරී­මට කොන්ත්‍රා­ත්කරු විසින් සැල­කිය යුතු කාල­යක් ගත කිරීම හේතු­වෙන් ව්‍යාපෘ­තිය ප්‍රමාද වූ බවක් දක්නට ලැබුණු බව මේ සම්බ­න්ධ­යෙන් කළ­ම­නා­කා­රි­ත්වය සඳ­හන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us