බරවා රෝගීන් 27 ක් හඳුනාගැනේ

Published in පුවත්
Wednesday, 29 October 2025 10:07

මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ බරවා රෝගීන් 27 දෙනකු හඳුනාගෙන ඇති බව ජාතික බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ පවසයි.

මෙම රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන විශේෂ රුධිර පරික්ෂාව සඳහා මහජනතාව සහයෝගය ලබාදිය යුතු බවත් රාත්‍රි කාලයේ ඒ සඳහා නිවසට පැමිණෙන මහජන සෞඛ්‍ය නිලධාරින්ට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ද වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම රුධිර පරික්ෂා කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ අසත්‍ය හඬපට මධ්‍යයේ ප්‍රචාරය වූ බවත් මෙම කාර්යයට බාධා නොකරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඊයේ [28 වැනිදා] සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

මෙම කාර්යයන්ට බාධා පමුණුවා බරවා රෝගීන් හඳුනාගැනීමට කළහොත් එයින් සමාජයට සිදුවන්නේ විශාල හානියක් බවත් මෙහිදී අදහස් දැක්වූ හෙතම කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මෙසේ ද පැවසුවේය.

'' රාත්‍රි අටෙන් පස්සේ අපි මේ වැඩසටන ආරම්භ කරන්නේ. රෑ එකොළහා වගේ වෙනකන් අපි මේක කරනව. අපි මේ රුධිර පරික්ෂාවට එන්නේ අදාළ ප්‍රදේශවල නායකයන් දැනුවත් කරල කලින් ප්‍රදේශවාසීන් දැනුවත් කරල. ජනතාවට බිය වෙන්න දෙයක් නැහැ අපේ නිලධාරීන් යන්නේ නිල ඇඳුමෙන්. හම්බන්තොට, මාතර, ගාල්ල කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම ආදී ප්‍රදේශවලින් තමයි මේ රෝගය වැඩි වශයෙන් දැක්කේ. කලාතුරකින් තමයි අනෙක් දිස්ත්‍රික්කවලින් රෝගින් වාර්තා වෙන්නේ ''

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us