අද සිට හැඩ්ල් 2ක් සහිත ෂොපින් බෑග් වලට මිළක් ගෙවීමේ නීතිය ගැන මෙන්න

Published in පුවත්
Saturday, 01 November 2025 10:13

අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවිකිරීමේදී එම වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතුය.

පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගෙන ඇත.

අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පවසා සිටියේ, මින් ඉදිරිය වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත්කරනු නොලැබෙනු ඇති බවය.

"පාරිභෝගිකයා වෙත වෙළෙඳසැල්වලින් නිකුත්කරන අතලු සහිත සිලි සිලි බෑග් සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කළා. එහි සඳහන් පරිදි සිලි සිලි බෑග් නොමිලයේ නිකුත්කිරීම නොවැම්බර් පළවනදා සිට තහනම්. ඒ අනුව වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත්කරනු නොලැබෙනු ඇත."

"පාරිභෝගිකයාට යුතුකමක් තියෙනවා පරිසරය සුරැකීමට දායකවීමට. වෙළෙඳසැලකට භාණ්ඩයක් මිලදීගැනීමට යාමේ දී ඒ සඳහා සුදුසු බෑග් එකක් ගෙදරින් රැගෙන යන්න" යැයි පැවසීය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us