මේ නිසා ඒ අවට අධික දුර්ගන්ධයක් පැතිර යන අතර නගර සභා හා ප්‍රාදේශීය සභා කම්කරුවන් යොදා මියගිය කකුළුවන් වෙරළේ වලවල් කපා වළ දැමීමට කටයුතු කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ පැවැසුවේ සීත හා උෂ්ණ දියවැල්වල බලපෑම නිසා මෙම කකුළු විශේෂය මියගොස් ගොඩ ගැසීම ඇතිවීය හැකි ස්වභාවික තත්ත්වයක් බවයි. පසුගිය වසරේදිත් මෙම කාලසීමාව තුළ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් මෙම කකුළු විශේෂය මිනිස් පරිභෝජනයට නුසුදුසු ධීවරයන්ගේ දැල්වලට හානි කරන බව සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.
මෙම තත්ත්වය එතරම් බිය වියයුතු තත්ත්වයක් නොවන බවත් එය ස්වභාවික තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

