ගුවන් සේවිකාවට පහර දුන් අරාබි ජාතිකයාට අත්වූ සිර දඬුවම අත්හිටුවයි

Published in පුවත්
Monday, 03 November 2025 19:32

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට පහරදී තුවාල සිදුකර බිය ගැන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සවුදි අරාබි ජාතිකයෙකුට මාස 3ක සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම එම දඬුවම අවුරුදු පහකට අත්හිටුවනලෙස අද(3) නියම කර ඇත.

පහරදී තුවාල සිදුකිරීම, බිය ගැන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ගුවන් තොටුපොළ පොලිසිය මගින් විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර එම සිර දඬුවම්වලට අමතරව විත්තිකරුට රුපියල් 10,000ක දඩ මුදලක් නියම කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ගුවන් තොටුපොළ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, ඉකුත් ඔක්තෝබර් මස 26 වන උදෑසන සවුදි අරාබියේ රියාත් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී එම පහරදීම සිදු කර ඇති බව ද විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වූවාය.

අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැසීමට සූදානම් වන අවස්ථාවේදි වින්දිත ගුවන් සේවිකාව ආසන පටි පැළඳ ගන්නා ලෙස සියලුම මගීන්ට දැනුම් දී ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකාර පුද්ගලයා එම උපදෙස් නොසලකා හරිමින් අදාළ ගුවන් සේවිකාව සමඟ බහින් බස්වීමක් ඇතිකර එම පහර දීම සිදු කර ඇති බවද විමර්ශන නිලධාරියා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වූවාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us