අයවැයෙන් ගොවියා නොසලකයි - ආණ්ඩුවට විරුද්ධව ගොවින් විරෝධතාවයක

Published in පුවත්
Monday, 10 November 2025 13:52

සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්ව තිබේ.

වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන්ගෙන් සැදුම්ලත් ගොවි සංවිධාන අද පෙරවරුවේ කැප්පෙටිපොළ නගරයේදී විරෝධතාවයක ද නිරත විය.

දේශීය අර්තාපල් සහ ලොකු ලූනු අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ කර ඇතත් අර්තාපල් සහ ලොකු ලූනු සඳහා නිසි මිලක් නොමැති බවට පවසමින් ඉකුත් සති කිහිපයේම ගොවීන් මැසිවිලි නැගුවේය.

ඔවුන් චෝදනා කළේ, තමන් අස්වනු නෙළන සමයේදීම අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කිරීමෙන් රජය ගොවියා අසරණ කළ බවය.

සිය අස්වනු අලෙවි කරගැනීම සහ ඒවාට මෙවර අයවැයේදී කෘෂි කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බවටද ගොවීන් චෝදනා කර තිබේ.

ඒ අනුව වැලිමඩ සහ නුවරඑළිය ප්‍රදේශවල ගොවි සංවිධානවලින් සැදුම්ලත් ''දේශයේ ගොවි හඬ'' සංවිධානය ඊයේ පැවසුවේ ගොවි ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ සියලු කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us