සතියකට දෙවරක් පැවැත්වීමට සූදානම් කර ඇති මේ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරමින් දේශපාලනය හැදෑරීමට අවස්ථාව තරුණ තරුණියන්ට හිමි වේ. මේ සඳහා එක්වීමට කැමැති තරුණ තරුණියන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.
එළැඹෙන දෙසැම්බර් 10 වන විට මෙරට පූර්ණ ඩිජිටල් දේශපාලන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්කර පක්ෂ නායකත්වය සමඟ ගමේ සාමාජිකයාට අදහස් හුවමාරු කර ගත හැකි තත්ත්වයට ගෙන ඒමටද අරමුණු කර තිබේ.
පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස වැඩ භාර ගනිමින් හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (10) මාධ්‍යයට මේ බව අනාවරණය කළේය.
එසේම එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත නැවතත් එළිපෙහෙලි කොට, සෙනඟ ගැවසෙන, කාන්තා තරුණ වැඩමුළු පැවැත්වෙන, තරුණ ළමයින්ට දේශපාලනය ඉගෙන ගැනීමේ හැකියාව ඇති පුස්තකාලයක් සහිත ස්ථානයක් බවට පත්කරන බව ද ඒ මහතා කීවේය.
රන්මලී සෝමසිරි

