පොහොර සනාධාරය නොලැබීමට හේතුවක් නැහැ -ගොවිජන සංවර්ධන කොමසාරිස්

Published in පුවත්
Thursday, 13 November 2025 18:54

පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පවසයි.

ඔහු පවසන්නේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බවය.

මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 30වැනිදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීමට කටයුතු කරන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කන්න රැස්වීම පවත්වා ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙළ කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළවෙනි වාරිකය වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබා දෙන බවය.

දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් 10,000ක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කළ විට ලබා දෙන බව ද එහිදී ඔහු පැවසීය.

ගෝවීන් ලක්ෂ 14කට පමණ එනම් කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8කට පමණ මෙම සහනාධාර වැඩසටහන යටතේ ආධාර ලබා දීමට බලාපොරොත්තුව වන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය

.ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන් කර ඇති බවය.

පොහොර සනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මේ දක්වා කාලය තුළ ගොවීන් 211,974 දෙනෙකු සදහා රුපියල් මිලියන 1976ක මුදලක් ලබා දී ඇති බව ද ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us