මීට අමතරව ගුරු වැටුප් විෂමතාව වහා ඉවත් කිරීම, සුබෝධනී කමිටු වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීම, ගුරු විදුහල්පතිවරුන්ගේ අනෙකුත් ගැටලුවලට විසඳුම් ඉල්ලන සටන් පාඨද මෙම එක්දින වර්ජනයට ඇතුළත් බව ද හෙතෙම පවසයි.
පාසල් පවත්වන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා ලෙස තීරණය කළේ විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට යටත්ව බවත්, වත්මන් පාලකයන් විද්‍යාත්මක ක්‍රමවේද නොතකා හරිමින් අත්තනෝමතිකව පාසල් පවත්වන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවද ගුරුවරුන් ලබන 12 වැනිදා පවත්වන එක්දින වර්ජනය හමුවේ පාසල් පවත්වන වේලාව වෙනස් නොකළහොත් ගුරු සංගම්වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය තෝරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

