නාය යෑමෙන් අවතැන් පවුල්වලට අය වැයෙන් සහන

Published in පුවත්
Wednesday, 19 November 2025 13:02

නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සඳහා අයවැය මඟින් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති 28 වන ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය (SLAPSW) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව නොවැම්බර් 18 සිට 21 දක්වා කොළඹ දී “දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටළු සඳහා සමාජ කාර්යයන්හි ප්‍රතිචාර” යන තේමාව යටතේ පැවැත්වේ.

"ශ්‍රී ලංකාව නිරන්තරයෙන් වෙරළ ඛාදනය, අනපේක්ෂිත මෝසම් වැසි, නාගරික ගංවතුර, නියඟ වගේම කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන අනෙකුත් දේශගුණික ආශ්‍රිත අභියෝගවලට මුහුණ දෙනවා. මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් සමාජ අසමානතාවයන් තවත් උග්‍ර වෙනවා වගේම ඒ නිසා ගොවීන්, ධීවරයින්, වතුකරයේ ප්‍රජාවන් සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපානවා.

මෙම අභියෝගවලට මුහුණ දීමේදී සමාජ සේවකයින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආපදාවල දී ක්ෂණික ආධාර, මනෝ සමාජීය සහාය මෙන්ම දිගුකාලීන පුනරුත්ථාපන පහසුකම් සපයමින් එම අවස්ථාවල දී බොහෝ විට පළමු ව මැදිහත් වන්නේ ඔවුන්. ශ්‍රී ලංකාවේ සමාජ සේවකයින් ප්‍රජා බලගැන්වීමේ හැකියාව ශක්තිමත් කරනවා වගේම තරුණ පරපුර සහ කාන්තාවන් බලගැන්වීමට සහාය වෙනවා, ඒ වගේම පරිසරය වෙනුවෙන් පෙනී සිටිනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us