මෙරට ජනතාවගෙන් 10% කට වකුගඩු රෝගය

Published in පුවත්
Tuesday, 25 November 2025 09:48

වර්තමානයේ මෙරට ජනතාවගෙන් සියයට දහයකට (10%) ආසන්න පිරිසකට වකුගඩු රෝගය වැළඳී ඇති බවත් එසේම වැඩිහිටියන්ගෙන් සියයට පහළොවක් (15%) පමණ වකුගඩු රෝගය වැළඳී ඇති අය සිටිය හැකි බවත් මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුපමා ද සිල්වා පැවැසුවාය.

ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී ඇය වකුගඩු අකර්මණ්‍ය රෝගීන් සඳහා ඇති හොඳම විසඳුම වකුගඩු බද්ධ කිරීම බවද සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ ඇය වකුගඩු රෝගය සඳහා විශේෂිත පහසුකම් ඇති කොළඹ මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහල පිළිබඳව ජනතාව තුළ එතරම් දැනුවත්භාවයක් නොමැති අතර ඒ සඳහා විවිධ පාර්ශ්ව විසින් යොමු කරන රෝගීන් පමණක් මේ සම්බන්ධයෙන් දැනුවත් බවද පෙන්වා දුන්නාය.

දියවැඩියාව, අධික රුධිර පීඩනය හා හෘදයාබාධ පාලනය කර නොගැනීම හේතුවෙන් විශාල පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවත් වස විෂ ආහාරයට ගැනීම, රූපලාවණ්‍ය භාවිතය, මාංශ පේශී වර්ධනය සඳහා භාවිත විටමින් හා ඖෂධ හේතුවෙන් සැලකිය යුතු පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

තවද මුත්‍රා රුධිර පරීක්ෂාවක් මගින් රෝගය ඇත්දැයි නිශ්චිතවම දැන ගත හැකි බවද වහාම එවැනි අවස්ථාවක වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතාම සුදුසු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us