සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක්

Published in පුවත්
Tuesday, 25 November 2025 13:00

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

සමස්ථ රාජ්‍ය සේවයේම ඩිජිටල් ප්‍රවේශ වැඩසටහන යටතේ, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙය සිදුකරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයෙකුට අන්තර්ජාල සේවාවන් හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වල තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලේ දැනට පවතින තොරතුරු පද්ධතිය 2000 වර්ෂයේදී පමණ සංවර්ධනය ආරම්භ කර ඇති අතර වර්තමාන හා අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය වී නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව වෙන් වෙන් වශයෙන් පවතින දත්ත පද්ධති දෙක හේතුවෙන් දුෂ්කරතා මතුවීම හේතුවෙන් එම පද්ධති දෙක එක්කර මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස හඳුන්වාදෙන නව ඩිජිටල්කරණ පද්ධතිය මුලික කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද අනිල් ජයන්ත මහතා කියා සිටියේය.

* සේවායෝජකයන්ට EPF / ETF ගෙවීම එක් යෙදුමක් මඟින් සිදුකිරීමට හැකි වීම.

* දැනට ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුවට වෙන වෙනම කළ යුතු යාවත්කාලීන කිරීම් තවදුරටත් අවශ්‍ය නොවන පරිදි දත්ත පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කීරීම.

* සේවකයන්ට තම රැකියාවට අදාළ තොරතුරු තම සාමාජික ගිණුම මඟින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම.

* EPF / ETF ශේෂයන් යාවත්කාලීව කිරීම.

* මාර්ගගත පරීක්ෂා කිරීම සහ සුවයන් උත්පාදන පණිවුඩ මඟින් දැනගැනීමට අවකාශයන් සැලසීම.

* පැමිණිලි කළමනාකරණය හා සම්බන්ධ කරමින් පරීක්ෂණ යෙදවුමක් ක්‍රියාත්මක කිරීම, යන ආදිය මෙම ඩිජිටල්කරණ පද්ධතිය තුළ සිදුකිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us