මෙරට පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පරිවර්තනය?

Published in පුවත්
Tuesday, 25 November 2025 19:23

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යයාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (නර්ඩ්) ඉංජිනේරුවන්ගේ පර්යේෂණ දැනුමෙන් පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන පැරණි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය වන වාහන (EV) බවට පරිවර්තනයට මුලපිරීම පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම නර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.

දීර්ඝ කාලයක් සිදු කළ පර්යේෂණ වලින් අනතුරුව ත්‍රිරෝද රථය කිලෝ වොට් 5ක මෝටරයකින් සහ කිලෝ වොට් 7ක බැටරියකින් බල ගැන්වෙන ලෙස නිර්මාණය කර ඇත.

මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 125ක දුරක් ධාවනය කිරීමට හැකියාව ඇති බව එම ඉංජිනේරුවන් පවසයි.

නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවරුන්, තාක්ෂණලාභීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us