විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය.
“ විදුහල්පති සේවාවේත් බරපතළ ගැටලු තිබෙනවා. පුරප්පාඩු 4,000කට වඩා විදුහල්පති සේවාව තුළ තිබෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවාවේ වැටුප ඉහළ අගයක් ගැනීම නිසා අධ්‍යාපන සේවාවේ ගැටලු රැසක් තිබෙනවා. ගුරු උපදේශක සේවාව තුළත් බරපතළ වැටුප් ප්‍රශ්නයක් තිබෙනවා. එම ක්ෂේත්රයටත් නිසි අවධානය යොමු වී නැහැ.
අනධ්‍යයන සේවාවේ බරපතළ අඩුපාඩුකම් තිබෙනවා. ක්‍රීඩා සේවකයන් විදියට බඳවා ගත් 3,000ක පිරිසක් ස්ථිර කර නැහැ. අධ්‍යාපන පරිපාලන සේවාවේ ගැටලු තිබෙනවා. මේවා සම්බන්ධයෙන් සොයා බලා නිසි විසඳුම් ලබාදෙන ලෙස මේ රජයට මම යෝජනා කරනවා.
විශ්වවිද්‍යාලයේ 14,000ක් අනධ්‍යයන සේවාවේ නිරත වෙනවා. ඔවුන්ගේ දීමනා කප්පාදු කර තිබෙනවා. මෙරට ගුරු හිඟය මඟහරවා ගැනීමට සේවාවක් කළ ගුරු සංවර්ධන නිලධාරීන් 16,000ක් සිටිනවා. මේ අයට ජනාධිපතිවරණය කාලයේ කීවේ ඔවුන්ගේ ගැටලු විසඳනවා කියලා. එහෙත් තවම විසඳුමක් නැහැ. මේ ආණ්ඩුව උපාධිධාරීන් 35,000කට රැකියා දී නැහැ.”

