ෆේස්බුක් හරහා තරුණියන් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Published in පුවත්
Tuesday, 23 September 2014 14:11
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය යොදාගනිමින් තරුණියන් අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. 
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි කිහිපයක් පිළිබඳ සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 
 
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික තරුණියක් මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති අතර ඇයගේ නිරුවත් පින්තූර තමා සතු බවට සැකකරු විසින් ෆේස්බුක් ගිණුම හරහා පණිවිඩයක් යොමුකර ඇත.තමා හමුවීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති සැකකරු එසේ නොමැති නම් එම පින්තූර අන්තර්ජාලයට මුදා හරින බවට අදාළ තරුණිය බිය ගන්වා ඇත.මේ ආකාරයට සැකකරු විසින් තවත් තරුණියකට පණිවිඩයක් යොමුකර ඇති බව වාර්තා වේ. එමෙන්ම කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාල වල ශිෂ්‍යාවන් ඔහු විසින් ෆේස්බුක් වෙබ් අඩවිය හරහා අපයෝජනය කරන දර්ශන සැකකරු සතු දත්ත රඳවනයක තිබු බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකදී ෆේස්බුක් ගිණුම හිමි සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයෙක් බව සඳහන්ය. 
 
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us