ඒ අනුව බදාදා (03) දින කොළඹ මල්පාරේ දේශපාලන කාර්යාලයට සියලු පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.
දරුණු ස්වභාවික විපතකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී ගත යුතු පියවර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
2003 සහ 2016 වසරවල ඇතිවූ ගංවතුර ව්‍යසනයේදී සහ පශ්චාත් ගංවතුර සමයේදී ගනු ලැබූ පියවර පිළිබඳව මෙම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිත බව ද වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.
මෙම දරුණු ව්‍යසනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සියලුම දේශපාලන පක්ෂ නායකයන් එක් තැනකට කැඳවන්නේ ප්‍රථම අවස්ථාවට බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

