ඒ , ඇතිවූ ආපදා තත්ත්වය අවම වීමත් සමගයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී එච් ආර් ඩී චන්ද්‍රසිරි පැවසුවේ, ඉන් 2500 කට ආසන්න බස් රථ ප්‍රමාණයක් දුරගමන් ධාවනය සදහා සැලසුම් කර ඇති බවයි.
මේ අතර , පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ දුම්රිය ධාවනය වෙනුවෙන්ද විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කළ බව ඔහු පැවසුවේ ය.
මේ අතර පැවති අපදා තත්වය සමඟ කොළඹ සිට ගමන් කළ දුම්රිය 37 ක් නැවත කොළඹ දක්වා ධාවනය කිරීමට නොහැකිව වී තිබේ.
දුම්රිය මාධ්‍ය ප්‍රකාශක අසංක සමරවීර සඳහන් කළේ, ඒ අතර කාර්යාල දුම්රිය 18 ක් ද වන බවයි.

